කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බව මහ බැංකු අධිපති කියයි

විදේශ විනිමය ගිණුම්වල ශේෂයන්ට අදාළව පැතිර යන කටකතා අසත්‍යයි - මහ බැංකු අධිපති

by Staff Writer . 05-01-2022 | 10:57 AM

COLOMBO (News 1st) :  තම ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ගිණුම්වල ශේෂය බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහ බැංකුව, බැංකුවලට නියෝග කර ඇති බවට පතුරුවා හරින කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, ට්විටර් පණිවුඩයක් යොමු කරමිනි.