by Staff Writer . 05-01-2022 | 3:43 PM
COLOMBO (News 1st) – දෙහිවල මුහුදේදී කිමිදුම්කරුවෙකුගේ ජීවිතය බිලිගත් බවට සැකකරන කිඹුලා වැල්ලවත්ත ඇළ මාර්ගයේදී අද උදෑසන දක්නට ලැබිණ.
ඒ සමග අද කිඹුලා සොයා වනජීවී නිලධාරීන් ඇතුළු පිරිසක් මෙහෙයුමක් ද සිදුකළේ ය.
අද උදෑසන මෙම කිඹුලා වැල්ලවත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල ගැවසෙන ආකාරය ජංගම දුකරථනයක පටිගතව තිබිණ.
ධීවරයින් පවසන පරිදි අඩි 14ක් පමණ දිගැති කිඹුලෙක් මේ ස්ථානයේ ගැවසේ.
පසුගිය 03 වනදා මෙම කිඹුලා විසිතුරු මසුන් අල්ලන කිමිදුම්කරුවෙකු වන ජයන්ත පීරිස් ඩැහැ ගත්තේ ය.