by Staff writer 05-01-2022 | 1:02 PM
COLOMBO (News 1st) - මහනුවර හෝටලයක වායු සමීකරණ යන්ත්‍රයේ ගෑස් නළයක් පුපුරා යාමෙන්, එය අලුත්වැඩියා කරමින් සිටි තරුණයකු මියයාමේ සිද්ධිය අද (05) රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක් විය.
මේ සිද්ධිය වාර්තා වූයේ ඊයේ (04) දහවල් 1.45 ට පමණ ය.
මහනුවර දෙවන රාජසිංහ මාවතෙ පිහිටි මේ හෝටලයේ වායුසමීකරණ යන්ත්‍රය නඩත්තු කිරීමට යාමේදී සිදු වූ එම පිපිරීමෙන් මිය ගියේ මාතලේ උකුවෙල පදිංචි 24 හැවිරිදි කාර්මික ශිල්පියෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.