by Staff writer 05-01-2022 | 2:20 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන භානුක රාජපක්ෂ හා ඇන්ජලෝ පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
භානුක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 5 කට හා ජාත්‍යන්තර 20-20 තරග 18 ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
ඇන්ජලෝ පෙරේරා,ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 6 කට හා 20-20 තරග 6 කට ක්‍රීඩා කර තිබේ.
ඇන්ජලෝ සමුගැනීමෙන් අනතුරුව ඇමරිකාව බලා පිටත් වන බව වාර්තා වෙයි.
භනුක රාජපක්ෂ තම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති අතර, අවසන් තීරණය එළඹෙන සඳුදා දිනයේ ලබා දීමට නියමිත බවට වාර්තා වෙයි.