පාස්කු ප්‍රහාරය: රිමාන්ඩ් භාරයෙන් සිටි සැකකරුවෙක්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් ජාතික රෝහලේදී මියයයි

by Staff writer 05-01-2022 | 5:08 PM

COLOMBO (News 1st) - පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව බොරැල්ල පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ ය.

එලෙස මියගොස් ඇත්තේ කල්මුණේ පල්ලිය පාරේ පදිංචි මොහොමඩ් කලීන් නමැති 42 හැවිරිදි අයෙකි.