දින 3 ක් තුළ ජීවිත 44 ක් මහමගට බිලි

දින 3 ක් තුළ ජීවිත 44 ක් මහමගට බිලි

by Staff Writer . 05-01-2022 | 9:02 AM

COLOMBO (News 1st) –  මෙම වසරේ පළමු දින 3 තුළ වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ පසුගිය වසරේ අවසන් දින 5 තුළ ද රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති බවයි. රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය අනතුරුවලට හේතුවී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.