TikTok වීඩියෝවක් නිසා තරුණයෙක් ඝාතනය කෙරේ

TikTok වීඩියෝවක් දුරදිග යයි.. තරුණයෙක් ඝාතනය කෙරේ

by Sagarika Chathumali 04-01-2022 | 8:06 AM

COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 17 හැවිරිදි තරණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, TikTok වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. එලෙස මිය ගොස් ඇත්තේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට ලක් වූ තරුණයා තවත් යහළුවන් දෙදෙනකු සමග රන්දිය උයන මහල් නිවාස සංකීරණය වෙත යමින් සිටියදී ඔවුන් පසුපසින් පැමිණි තවත් පිරිසක්  අදාළ තරුණයා සමග TikTok වීඩියෝවක් සම්බන්ධයේ ආරවුලක් ඇති කර ගෙන ඇති අතර එහිදී මෙම පිහි ඇණුම සිදුව තිබේ. ඝාතනයෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.