NEWS JUST IN : පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව අත්අඩංගුවට

by Staff Writer . 04-01-2022 | 3:43 PM

COLOMBO (News 1st) :පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තුවක් මත අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි. පසුගිය නොවැම්බර් මස මස 09 වැනිදා අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් අධිකරණයේ නාම පුවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් අනුව දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.