by Staff writer 04-01-2022 | 8:36 AM
COLOMBO (News 1st) : වාරියපොළ ප්‍රාදේශය සභා සභාපති තිලකරත්න බණ්ඩාර මහතා ධුරයෙන් ඉවත් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සභාපතිවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක් කළ පරීක්ෂණයකදී ඔහු එම චෝදනාවලට වැරදිකරු බව සනාථ වී ඇති බවයි.
ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි සභාපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇත්තේ, ඒ අනුවයි.
මේ අතර දැනට පුරප්පාඩු වි ඇති බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා සුදුසු සභිකයකු තෝරා ගැනීම සඳහා ලබන 11 වනදා රැස්වීමක් පවත්වන බව ඌව පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ ප්‍රියන්ත අමරසිරි මහතා පසුගිය දා ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබිණ.