පළාත් කිහිපයකට අද (04) වැසි

අද (04) දිනය සඳහා කාලගුණ අනාවැකිය

by Staff Writer . 04-01-2022 | 8:49 AM

COLOMBO (News 1st) : උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රය ඇතුළු ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් පවතී. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් මහවැලි ගඟ භාවිත කරන්නන් විමසිලිමත් විය යුතු බවයි.