මහනුවර හෝටලයක වායුසමීකරණ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙකු මරුට

මහනුවර හෝටලයක වායුසමීකරණ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙකු මරුට

මහනුවර හෝටලයක වායුසමීකරණ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙකු මරුට

කර්තෘ Staff writer

04 Jan, 2022 | 6:44 pm

COLOMBO (News 1st) – මහනුවර, ගැටඹේ, දෙවන රාජසිංහ මාවතේ හෝටලයක වායුසමීකරණ(A/C) යන්ත්‍රයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද(04) දහවල් 1.00 ට පමණ එම පුද්ගලයා වායු සමීකරණ යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට ගිය අවස්ථාවේදී එය පුපුරා ඇති බව ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]