සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000 මාසික දීමනාවක්

by Staff Writer . 03-01-2022 | 8:57 PM

COLOMBO (NEWS1ST): සියලුම රජයේ සේවකයින්ට 2022 වසරේ ජනවාරි සිට මසකට රුපියල් 5,000 විශේෂ දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා විශේෂ ආර්ථික පැකේජයක් හඳුන්වා දීම වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මේ බව පැවසී ය. මීට අමතරව පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන ලෙස කම්කරු අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය. තවද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම සඳහා පර්චස් 20ට වඩා අඩු ඉඩම්වල ගෙවතුවල වගාව සඳහා රුපියල් 5,000 ක  දීමනාවක් සහ පර්චස් 20 ත් අක්කරයත් අතර ඉඩම් සඳහා රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමට ද රජය තීරණය කර තිබේ. සෑම වතු පවුලකටම කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබා දීමට පියවර ගන්නා බව ද මුදල් අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=v7KGUamGooM