by Staff Writer . 03-01-2022 | 11:20 AM
COLOMBO (News 1st) : පදවිය හා වාරියපොළ ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පදවිය සුදර්ශමන ගම ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.
පවුල් ආරවුලක් මත ඇතිවූ බහින්බස් වීමක් දුර දිගයාම ඝාතනයට හේතුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ සැමියා සහ බිරිඳ අතර බහින්බස්වීමක් ඇතිවී ඇති අතර එහිදි සැමියා විසින් සිය බිරිදට පොල්ලකින් පහරදී ඇති බවයි.
ආරවුල සමතයකට පත් කිරිීම සඳහා බිරිඳගේ පියා උත්සහ කර ඇති අතර එහිදි බෑණා විසින් බිරිඳගේ පියාට ද පොල්ලකින් පහරදෙනු ලැබ තිබේ.
එහිදි බරපතළ ලෙස තුවාල ලැබු 71 හැවිරිදි පියා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි බෑණා අත්අඩංගුවට ගෙන තිබේ.