by Staff writer 03-01-2022 | 5:35 AM
දේශීය පුවත්
1. සෞභාගයේ දැක්ම පෙන්නේ තව අවුරුදු කිහිපයක් ගියාම – පූජ්‍ය මැටරඹ හේමරතන හිමි : ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත පසුගියදා (01) ප්‍රදානය කළේ ය.
2.පොහොර භාවිත නොකළ ගොවීන්ට කෘෂි වන්දි නැහැ – මහින්දානන්ද අලුත්ගමගේ – : මහ කන්නය සඳහා රජය ලබා දුන් පොහොර භාවිත නොකළ ගොවීන්ට කෘෂි වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි
3. තවත් කොරෝනා මරණ 24 ක්.. : ඊයේ (02)මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා ගියේ ය.
4. ජනපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමයි.. : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
5. දුන්ගල්පිටිය නැංගුරම් තොටුපොළ අසල දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට.. තවත් තරුණයෙක් අතුරුදන් : දුන්ගල්පිටිය, කැපුන්ගොඩ නැංගුරම් තොටුපළ වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් පුවත්
1. දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක් : දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.