by Staff writer 03-01-2022 | 6:36 AM
COLOMBO (News 1st) : ඇලපාත ප්‍රදේශයේ නිවසක ගින්නකින් කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, 69 හැවිරිදි කාන්තාවක් පිළිස්සුම් තුවාල ලබා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇය එම නිවසේ තනිව සිට ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.
රත්නපුර නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අදාල නිවස තුළ ගෑස් හෝ විදුලි බලය ද නොමැති බවට අනාවරණය වී ඇති ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.