අද සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට.. 

අද සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට.. 

by Staff writer 03-01-2022 | 6:36 AM

COLOMBO (News 1st) : අද (03) සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී තිබුණි. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුව අද සිට රාජ්‍ය සේවය පූර්ණ ධාරිතාවයකින් පවත්වා ගෙන යන බවය.