2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ඇරඹේ

2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ඇරඹේ

by Staff Writer . 02-01-2022 | 7:49 AM

COLOMBO (News 1st) :  නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් කෙරුණ ද පහළ ශ්‍රේණිවල මග හැරැණු විෂය කරුණු ආවරණයට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි. ඉහළ ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ද බාධාවකින් තොරව කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය. 2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ආරම්භ වේ.