19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය

by Chathurika Jayasundara 02-01-2022 | 2:15 PM

COLOMBO (News 1st): 2022 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දුනිත් වෙල්ලාලගේ විසින් මෙහෙයවන මෙම සංචිතය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඩුබායි සිට බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා අද(02) පිටත්ව යයි. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය ලබන 14 වැනිදා ස්කොට්ලන්ත සමග පැවැත්වීමට නියමිතය. අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා සංචිතය මෙසේය. ?දුනිත් වෙල්ලාලගේ (නායක) ?රවීන් ද සිල්වා (උප නායක) ?ෂෙවෝන් ඩැනියෙල් ?අංජල බණ්ඩාර ?පවන් පතිරාජ ?සදීෂ රාජපක්ෂ ?වනුජ සහන් කුමාර ?රනුද සෝමරත්න ?මල්ෂ තරුපති ?ට්‍රවීන් මැතිව් ?යසිරු රුද්‍රිගු ?මතීෂ පතිරණ ?චමිදු වික්‍රමසිංහ ?විනුජ රන්පුල් ?සකුණ ලියනගේ ?අභිෂේක් ලියනආරච්චි ?සදීෂ් ජයවර්ධන