සෞභාගයේ දැක්ම පෙන්නේ තව අවුරුදු කිහිපයක් ගියාම

සෞභාගයේ දැක්ම පෙන්නේ තව අවුරුදු කිහිපයක් ගියාම - පූජ්‍ය මැටරඹ හේමරතන හිමි

by Staff writer 02-01-2022 | 9:04 PM

COLOMBO (News 1st) : ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත ඊයේ(01) ප්‍රදානය කළේ ය.

සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට පැමිණේන මාර්ගයේ ඉදි කිරීමට නියමිත වාහල් කඩ සඳහා මුල් ගල තැබීම ද මෙහිදී සිදුවිය. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දුටුවේ ය. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය විහාරාධිපති හිමියන් වෙත පිළිගන්වනු ලැබුවේ ඉන් අනතුරුව පැවති විශේෂ උත්සවයේදී ය .
ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමි මේ රටේ ඉන්නවා මොනම හොඳ වැඩක් කරන්න ගියත් ඒකට අකුල් හෙලන අවාසනාවන්ත පිරිසක්. එන්.ජී. ඕ ආධාර ලබමින් විනාස කරන පිරිසක් ඉන්නවා. අපේ ජනාධිපතිතුමා හොඳ අරමුණින් යුතුව වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඔබතුමා හොඳ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, නමුත් මේ එන්.ජී.ඕ කපුටෝ ටික දකින්නේ වෙන විදියකට. අපිට හරි කණගාටුයි සෞභාග්‍යයේ දැක්ම ඔබතුමාගේ ඒ ශ්‍රේෂ්ඨ ඉදිරි ගමන තව කාලයක් ගියා නම් අපේ රට හරි වාසනාවන්තයි. ඔබතුමාගේ සෞභාගයේ දැක්ම අපිට පෙන්නේ තව අවුරුදු කිහිපයක් ගියාම.