by Staff writer 02-01-2022 | 9:03 AM
COLOMBO (News 1st) : බණ්ඩාරගම - කැස්බෑව ප්‍රධාන මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණ යුවලක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, අසළ තිබූ ගල් වැටියක ගැටීමෙන් අද(02) අලුයම එම අනතුර සිදුව ඇති බවය.
මියගොස් ඇත්තේ, බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකි.