by Staff writer 02-01-2022 | 1:05 PM
COLOMBO (News 1st) : කිලිනොච්චිය, පරන්තන් හන්දිය අසළදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම ඝාතනයට හේතු වී ඇති බවය.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ඝාතනයට පුද්ගලයින් 05 දෙනෙකු සම්බන්ධ වී ඇති ඇති අතර තිදෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.