දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

by Chathurika Jayasundara 02-01-2022 | 2:12 PM

COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජාතික සභා ගොඩනැගිල්ල ද ගිනිගෙන ඇති බව සහ ගොඩනැගිල්ලේ බිත්තිවල ඉරිතැලීම් ද වාර්තා වී ඇති බව ය ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් අනාවරණය වී නොමැත. 1884 දී සාදා නිම කරන ලද මුල් සහ පැරණිතම ගොඩනැගිල්ල ඇතුළුව කේප්ටවුන්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කොටස් 03කින් සමන්විත ය.