by Staff writer 02-01-2022 | 8:55 PM
COLOMBO (News 1st) : මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා ගියේ ය.
ඒ, අද නව මරණ 24 ක් වාර්තා වීමත් සමගයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (01) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු වේ.
මියගිය පිරිසෙන් 13 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15, 019 ක් දක්වා ඉහළ ගියේ ය.
තවත් කොරෝනා ආසාදිතයින් 224 දෙනෙකු අද සුවය ලැබුවේ ය.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 560, 949 කි.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 587, 596 ක් ලෙසය.