ගමට ගිය ජනතාවට යළි කොළඹ එන්න අතිරේක බස්..

  ගමට ගිය ජනතාවට යළි කොළඹ එන්න අතිරේක බස්..

by Staff writer 02-01-2022 | 9:54 AM

COLOMBO (News 1st) :  නව වසරේ උදාවත් සමග ගම්බිම්වල සිට කොළඹ පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් විධිමත් කර ඇතැයි ප්‍රවාහන බලධාරීන් පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අද(02) සිට අතිරේක බස් රථ ද ධාවනයට එක් කර ඇති බවය. ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමෙන් වළකින්නැයි ඔහු බස් රථ රියැදුරන්ගෙන් ඉල්ලීමක් කළේ ය. අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව ද ක්‍රමානුකූලව ඉහළ දමා ඇතැයි අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි ඒ.එස්.බී. වීරසූරිය මහතා සඳහන් කළේ ය. දුම්රිය ධාවනය ද කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.