by Staff writer 02-01-2022 | 9:18 AM
COLOMBO (News 1st) : එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට සමගාමීව නව මෘදුකාංගයක් සහ කේත අංක හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, එම කටයුතු අවසන් වූ විගස පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට පමණක් පොදු ස්ථානවලට ප්‍රවිශ්ට වීමට අවසර හිමිවන බවය.
මේ මාසය අවසන් වීමට ප්‍රථම එම කටයුතු අවසන් කරන බව, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.