UPDATE: දුම්රියේ ගැටීමෙන් පසු ගිනිබත් වූ මෝටර් රථය

UPDATE: දුම්රියේ ගැටීමෙන් පසු ගිනිබත් වූ මෝටර් රථයේ රියැදුරු මරුට

by Staff writer 01-01-2022 | 4:05 PM

COLOMBO (News 1st) - කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උත්තර දේවී සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් මෝටර් රථයේ රියැදුරු මිය‌ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 55 ක වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු පෞද්ගලික ආයතනයක සේවය කරන ඉංජිනේරුවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෝටර් රථය වනවාසල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවය. දුම්රියේ ගැටුණ මෝටර් රථය දුම්රියත් සමග ඉදිරියට ඇදී ගොස් ගිනි ගැනීම හේතුවෙන් දුම්රිය එන්ජිම ද ගිනි ගැනීමකට ලක්වී තිබේ. මේ වනවිට ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.