by Staff writer 31-12-2021 | 9:15 PM
COLOMBO (News 1st): ඉන්දියාව, ආසියානු කුසලාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද(31) දිනා ගත්තේය
ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 09 කින් ජය ගනිමිනි.
මෙම තරගය ඩුබායිහිදී පැවැත්විය.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 38 කට සීමා කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩකයින් පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 106 ක් රැස් කළේය.
රවීන් ද සිල්වා ලකුණු 15 ක් රැස් කළ අතර යසිරු රොද්‍රිගූ නොදැවී ලකුණු 19 යි.
ජයග්‍රහණය සඳහා ඉන්දීය 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 32 කදී ලකුණු 102 ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් පන්දුවාර 21 යි පන්දු 3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසු කළේය.
අංග්ක්‍රිෂ් රගුවංශි නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ෂෙයික් රෂීඩ් නොදැවී ලකුණු 31 යි.