by Staff Writer . 31-12-2021 | 9:14 AM
COLOMBO (News 1st) - පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා හෙට(01) සිට එකම ආයතනයක් තුළින් බලපත්‍ර ලබා දෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.
එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට පැමිණ,අදාල ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර ලබා ගත හැකි බවය.
ඒ සඳහා දිවයින පුරා පිහිටා ඇති භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්යාලවලින් සේවාවන් ලබා ගත හැකිවේ.
මීට පෙර පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනිමට යාමේදි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්විය.
ගල්, වැලි, හා පස් වැනි භූ සම්පත් සංවර්ධන කාර්යන් සඳහා යොදා ගැනීමේදී මතුවන ගැටලු සොයා බැලීම සඳහා පසුගියදා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත් කෙරිණි.
මේ අතර ගල්කොරි සඳහා වසර 03 ක කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ය.