තෙල් ටැංකිවලින් කොටසක් ලබාගැනීම ජයග්‍රහණයක්

තෙල් ටැංකිවලින් කොටසක් ලබා ගැනීම ජයග්‍රහණයක් - උදය ගම්මන්පිල

by Staff writer 31-12-2021 | 7:52 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකාවේ තෙල් ටැංකිවලින් කොටසක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම ජයග්‍රහණයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24 ශ්‍රී ලංකාවට ලබාගෙන තිබෙන්නේ, ටැංකි 14ක් අවුරුදු 50කට ඉන්දීය අයි.ඕ.සී. සමාගමට ගිවිසුමකින් ලබා දීමේ එකඟතාවක් ඇති කරගනිමින් ය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැදගත් වන්නේ ඇයි ? සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් අපේ මුහුදේ පිහිටි ත්‍රිකුණාමල වරාය ලොව ස්වභාවික වරායන් අතර ප්‍රමුඛත තැනක් ගනී. ඉංග්‍රීසි පාලනයේ මූලික සැලසුම වී තිබුණේ, ත්‍රිකුණාමලය වරාය නැගෙනහිර කලාපයේ රටවලට තෙල් සැපයුම් සිදුකරන මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමයි. 1924ත් -1930 අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 101 ඉදිවන්නේ ඒ අරමුණින් ය. දැනට ඉතිරිව තිබෙන්නේ තෙල් ටැංකි 99කි. 2003 සිට ගිවිසුමක් යටතේ තෙල් ටැංකි 15ක් ඉන්දීය තෙල් සමාගම පරිහරණය කරමින් සිටී.