සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

by Staff Writer . 30-12-2021 | 8:29 AM

COLOMBO (News 1st) :  ලබන 03 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ඒ සම්බන්ධ චක්‍රලේඛයක් අද (30) නිකුත් කරන බවයි. කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී තිබුණි. අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාරව ලබන 03 වැනිදා සිට රාජ්‍ය සේවය පූර්ණ ධාරිතාවකින් පවත්වා ගෙන යන බවයි.