ශ්‍රී ලංකාව 19න් පහළ අවසන් මහා තරගයට

ශ්‍රී ලංකාව 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට

by Staff writer 30-12-2021 | 9:05 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව, ආසියානු කුසලාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අද(30) සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, පකිස්ථානය සමග පැවැති අවසන් පූර්ව තරගය ලකුණු 22 කින් ජය ගනිමිනි. ඩුබායිහිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 147 ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය පකිස්ථාන 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 125 ක් පමණි. ඒ අනුව, ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර හෙට පැවැත්වේ.