රු. බිලියන 202 ක් මුද්‍රණය කිරීමට පියවර

රුපියල් බිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුවෙන් පියවර

by Staff writer 30-12-2021 | 8:43 PM

COLOMBO (News 1st) : රුපියල් බිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (29)පියවර ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාව මෙයයි. වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 825 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අතර ඊයේ දිනයේ මහ බැංකුව රුපියල් බිලියන 48.5 ක වටිනාකමකින් යුත් බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කර තිබියදී ඉන් අලෙවි කිරීමට හැකිව තිබුණේ, රුපියල් බිලියන 33.5 ක් පමණි. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් . ඒ විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, පොලී අනුපාත සහ විනිමය අනුපාත තවදුරටත් පාලනය කිරීම තුළ අර්බුදය තිවෘර වෙමින් ඇති බවයි. හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා වත්මන් ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය පිළිබඳව වැරදි තීරණ බොහොමයක් ගෙන තිබෙනවා. මිල පාලනය පිළිබඳව ඇතැම් ගැසට් ඉවත් කර තිබෙනවා. ඒවාගේම වෙනත් පාලනයන්ද ඉවත් කර තිබෙනවා. නමුත් ආනයන සහ මුදල් පරිවර්තන සම්බන්ධයෙන් වන පාලනයන් එලෙසම පවතිනවා. එවැනි කාරණා ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආයෝජකයින් අතර බියක් ඇතිකර තිබෙනවා. මේ තත්ත්වය නිවැරදිකර ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ප්‍රවර්ධනය ඉලක්කකර වෙළෙඳපළ ආර්ථික රටාවට අපි යොමු විය යුතුයි.