by Staff writer 30-12-2021 | 4:49 PM
COLOMBO (News 1st) : ඉදිරි දින කිහිපය තුළ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ අසුදහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ , තම දෛනික පිරවීම් හා බෙදාහැරීම් පැය 24 පුරා ක්‍රියාත්මක බවයි.
මේ වනවිට දෛනික ලිට්‍රෝ ගෑස් අවශ්‍යතාවය ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම සමාගම සඳහන් කළේ ය.
ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සැපයුම ලබාදිය හැකි බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.