තවත් කොරොනා මරණ 18ක්

තවත් කොරොනා මරණ 18ක්

by Staff writer 30-12-2021 | 8:45 PM

COLOMBO (News 1st) : තවත් කොරොනා මරණ 18ක් අද (30) වාර්තා කර තිබේ.

ඒ සමග මෙරට සමස්ත කොරොනා මරණ සංඛ්‍යාව 14,962 කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දෙසැම්බර් 29 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි. ඒ අතර පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු වේ. මියගිය පිරිසෙන් 12 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය. අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 563 දෙනෙකු හඳුනා ගැනිණි. ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 586,746 කි.