කොවිඩ් සුනාමියක් ගැන WHO අනතුරු අඟවයි

කොවිඩ් සුනාමියක් ගැන WHO අනතුරු අඟවයි

by Staff Writer . 30-12-2021 | 10:55 AM

COLOMBO (News 1st) :  ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේදවල එකතුවෙන් කොවිඩ් රෝගීන්ගේ භයානක සුනාමි තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනෝම් මේ බව පැවසුවේ අමෙරිකාව, යුරෝපය ඇතුළු රටවල් රැසක කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේයි. ගතවූ පැය 24 ක කාලය තුළ යුරෝපයේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව දැක්වුණේ දෙලක්ෂ 8,000 ක් ලෙසයි. ජෝන්ස් හොප්කින්ස් වෙබ් අඩවියට අනුව ගතවූ සතියේ අමෙරිකාවෙන් දෛනික ආසාදිතයින් දෙලක්ෂ 65,427 ක සාමාන්‍යයක් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ඩෙන්මාර්කය, පෘතුගාලය, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව යන රටවලින් ද වාර්තාග ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.