COLOMBO (News 1st ) – කොටදෙණියාව, බාඳුරාගොඩ අතුරුදන් කුඩා පිරිමි ළමුන් දෙදෙනා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 10 ක් හා 12 ක් වන ඥාති සොයුරන් දෙදෙනකු වන මෙම කුඩා පිරිමි ළමුන් දෙදෙනා අතුරුදන්ව ඇත්තේ, පසුගිය මස 11 වනදා සිටයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් දරුවන් දෙදෙනා අතුරුදන්විම පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබන බවයි.
අතුරුදන් ළමුන් දෙදෙනා පිළිබඳ විස්තර පහත පරිදි වේ.
නම – දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම්
වයස – අවුරුදු 10
රූප විස්තර – උස අඩි 04 ක් පමණ තළෙළුයි. කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත් දෙකක් වැටී ඇත.
අවසන් වරට හැඳ සිටි ඇඳුම් – නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති කොටු සහිත කොට කලිසමක්
නම – ජයසේකර මුදලිගේ අකිල දේදුණු
වයස අවුරුදු – 12
රූප විස්තර – උස අඩි 4 අඟල් 10 පමණ තළෙලු කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇත.
අවසන් වරට හැඳ සිටි ඇඳුම් – නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක්
මෙම දරුවන් දෙදෙනා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සහකාර පොලිස් අධිකාරි කළුආරච්චි – 071 – 8592867
සහකාර පොලිස් අධිකාරී ගමගේ – 071 - 8592868