by Staff Writer . 29-12-2021 | 1:44 PM
COLOMBO (News 1st) : සයිනොෆාම් එන්නත් සඳහා වැය කරන ලද ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූරණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම දිවයිනට රැගෙන ආවේ ය.
ලක්ෂ අටකට ආසන්න ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ඩුබායිහි සිට එමිරේට් ගුවන් යානකයින් අද දිවයිනට රැගෙන විත් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ මෙම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩ සංකීර්ණය වෙත රැගෙන ගිය බවයි.