නැගෙනහිර වෙරළට ඔබ්බෙන් භූ චලනයක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙළරට ඔබ්බෙන් මුහුදේ භූ චලනයක්..

by Staff writer 29-12-2021 | 7:52 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා කියා සිටියේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4.3 ක් බව ය. කිලෝමිටර් 21 ක් පමණ ගැඹුරින් භූ චලනය සිදුව ඇතැයි ඔහු සඳහන් කළේ ය. අද (29) රාත්‍රි 7.14 ට පමණ මෙම භූ චලනය සිදුව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. භූචලනයෙන් ශ්‍රි ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්තානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.