දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තවදුරටත්

වර්ජනය තවදුරටත්... දුම්රිය ස්ථානාධිපතිවරු හා බලධාරීන් අතර අදත් සාකච්ඡා

by Staff Writer . 28-12-2021 | 7:50 AM

COLOMBO (News1st) :  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සාමාජිකයින් හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත ය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, එහිදී තම ගැටලු සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් අපේක්ෂා කරන බවයි. මේ අතර ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ඉන්ධන , තිරිගුපිටි, හුණුගල් හා සිමෙන්ති ප්‍රවාහනයෙන් ද තම සාමාජිකයින් ඉවත් වූ බව සුමේධ සෝමරත්න මහතා පැවසී ය. දුම්රිය සංඥා පද්ධතිය අලුත්වැඩියා නොකිරීම, අබලන් මැදිරි ධාවනයට එක් කර මගී ජීවිත අනතුරේ හෙලීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 23 වැනිදා සිටයි.