මට්ටක්කුලියේ අබලි ද්‍රව්‍ය ගබඩාවක ගින්නක්

මට්ටක්කුලියේ අබලි ද්‍රව්‍ය ගබඩාවක ගින්නක්

by Staff Writer . 28-12-2021 | 3:59 PM

COLOMBO (News1st) :  මට්ටක්කුලියේ පිහිටි සීනෝර් ආයතනයේ බෝට්ටු අංගනයේ අබලි ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පස්වරු එකට ගින්න හටගත් බවයි. එය නිවා දැමීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොමු කර තිබේ. එම කණ්ඩායම් මේ වනවිට ගින්න පාලනය කර ඇතැයි, කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.