by Staff Writer . 28-12-2021 | 8:25 AM
COLOMBO (News1st) : ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ප්‍රංශයට දැඩි සීමා පනවා තිබේ.
නව සීමා ලබන ජනවාරි 3 වැනිදා සිට බලාත්මක වීමට නියමිතයි.
ඒ අනුව දුරස්ථභාවය පවත්වා ගනිමින් රැකියාවල නියැළීම අනිවාර්ය වන අතර ගෘහස්ථ මහජන ඒකරාශීවීම් 2000 කට සීමා කළ යුතු වේ.
එළිමහන් ඒකරාශීවීම් වරකට 5000 කට සීමා කර ඇති අතර නැවත දැනුම්දෙන තුරු රාත්‍රී සමාජශාලා ද වසා දැමෙනු ඇති.
ප්‍රංශයේ පැනවීමට නියමිත නව සීමාවන්ට අනුව සතියට දින 3 ක් නිවසේ සිට රැකියා කටයුතු කිරීම ද අනිවාර්ය කර තිබේ.
ගතවූ පැය 24 ක කාලය තුළ ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ලක්ෂයකි.
විදෙස් වාර්තා සඳහන් කළේ කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසුව දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව එය බවයි.
සෑම දින දෙකකට වරක්ම ආසාදිතයින් වාර්තා වීම දෙගුණයකින් වැඩිවෙමින් ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
තත්වය හමුවේ ඉතා දරුණු නව කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බවයි.
මේ අතර ප්‍රංශය කොවිඩ් සීමා දැඩි කරද්දි අමෙරිකාව කොවිඩ් ආසාදිතයින් සඳහා වන සීමා ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින්ට නියම කර තිබූ දින 10 ක නිරෝධායන කාලය දින 5 ක් දක්වා අඩුකර තිබේ.
අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය පැවසුවේ රෝග ලක්ෂණ නොමැති වුවද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.
කෙසේවෙතත් මෙම සීමා අමෙරිකාව තුළ අනිවාර්ය නොවන බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.