by Staff Writer . 28-12-2021 | 12:39 PM
COLOMBO (News1st) : සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සංවිධාන කරන එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඒ අනුව සියලු පොලිස් ස්ථාන ඒ අනුව කටයුතු කරනු ඇති බවයි.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, උත්සව සමයේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්ද හොත් ඉදිරි සති කිහිපයේ බරපතළ අර්බුදකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.