සාකච්ඡා අසාර්ථකයි.. ස්ථානාධිපති වර්ජනය තවදුරටත්

සාකච්ඡා අසාර්ථකයි.. ස්ථානාධිපති වර්ජනය තවදුරටත්

by Sagarika Chathumali 27-12-2021 | 1:58 PM

COLOMBO (News 1st) –  සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති. දුම්රිය සංඥා පද්ධතිය අලුත්වැඩියා නොකිරීම, අබලන් මැදිරි ධාවනයට එක් කර මගී ජීවිත අනතුරේ හෙළීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 23 වැනිදා සිටයි. ඒ අනුව මේ වනවිට දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීමෙන් ඉවත් වී සිටිති.