ප්‍රදේශ දෙකකදී පුද්ගල ඝාතන 2 ක්..

ප්‍රදේශ දෙකකදී පුද්ගල ඝාතන 2 ක්..

by Staff Writer . 27-12-2021 | 9:50 AM
COLOMBO මට්ටක්කුලිය, පොකුණුවත්ත ප්‍රදේශයේදී සහ පුනරීන් ගෞතාර්මුණි කළපු තීරයේදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. මට්ටක්කුලියේදී ඝාතනය කර ඇත්තේ අවුරුදු 22 ක තරුණයෙකි. පොලීසිය සඳහන් කළේ, මත්පැන් සාදයක් අවසානයේ ඇති වු සිදුවීමක් මුල්කර ගනිමින් පුද්ගලයින් දෙදෙනකු පිහියකින් ඇණ ඇති බවයි. ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි, පොලීසිය පැවසී ය. මේ අතර පුනරීන් ගෞතාර්මුණි කළපු තීරයේදී දියනාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින් බස්වීමකින් අනතුරුව හටගත් ගැටුමක් වැළැක්වීමට පැමිණි පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ 22 හැවිරිදි සෝමසුන්දරම් ප්‍රදේශයේ තරුණයෙකි. සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන  ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.