COLOMBO (News 1st); චීන ජනාධිපති ෂී ජිංපින් මහතා ශ්රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ලක් වැසියන්ට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.
මෙරට චීන තානාපති කාර්යාලය පැවසුවේ, තානාපති කී සෙන්හොංග් මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම ශ්රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බවයි.
