ඔමික්‍රෝන් හඳුනා ගැනීමට පරීක්ෂණ ඇරඹේ

ඔමික්‍රෝන් හඳුනා ගැනීමට පරීක්ෂණ ඇරඹේ

by Staff Writer . 27-12-2021 | 4:09 PM

COLOMBO (News 1st) – ඔමික්‍රෝන් කොරොනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා හෙට සිට පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.

එහි අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සදහන් කළේ, ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 96 ක් ලබාගත් බවයි. කොරෝනා වෛරසයේ වෙනස්විම් සිදුව ඇද්ද යන්න සෙවිම ද මෙම පරීක්ෂණයේ තවත් අරමුණකි. මේ අතර කොරෝනා ආසාදිතයින් 529 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඊයේ තහවුරු කෙරණු මරණ සංඛ්‍යාව 19 කි. සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , උත්සව සමය තවමත් අවසන්ව නොමැති බැවින් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසයි.