රුදුරු සුනාමි ව්‍යසනයට වසර 17යි

රටම කඳුළින් තෙත් කළ රුදුරු සුනාමියට වසර 17යි

by Staff Writer . 26-12-2021 | 8:24 AM

COLOMBO (News 1st) - ජීවිත රැසක් අහිමි කරමින් රටම කඳුළින් තෙත් කළ රුදුරු සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 17ක් සපි⁣රේ.

මේ අතර, සුනාමි ව්‍යසනය සහ රට තුළ ඇති වු විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරෙන ජාතික සුරක්ෂිත දිනය ද අදට (26) යෙදී තිබේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය සුනාමි ස්මාරකය අභියස අද (26) පෙරවරුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදු කෙරෙන බව ය. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක් පවත්වන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.