by Staff writer 26-12-2021 | 4:26 PM
COLOMBO (News 1st) – දිවයිනට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය ලබන 31 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ජනවාරි මාසයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ය.
මේ දිනවල ශීත කාලගුණ තත්ත්වයක් ද පැවතිය හැකි බව, අතුල කරුණානායක මහතා තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.