by Chathurika Jayasundara 26-12-2021 | 8:54 PM
COLOMBO (News 1st) – ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට දින 10 ක් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇතැයි එහි සෞඛ්‍ය අමාත්‍ය කේ සුදාකර් මහතා පවසයි.
ඒ අනුව, ලබන 28 වැනිදා සිට රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වා දින 10 ක් ඇඳිරි නීතිය පැනවෙනු ඇති.
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වන Omicron ප්‍රභේදයේ තර්ජනය වැඩි වීමත් සමග එය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට අමතරව, ප්‍රාන්ත රජය විසින් එළැඹෙන නව වසරට අදාළ සාද සහ රැස්වීම් සඳහා යම් යම් සීමා කිරීම් ද ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන් DJ සහ බාහිර පරිශ්‍රවල උත්සව, සාද කර්නාටක ප්‍රාන්තයේ සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
ආපනශාලා, හෝටල් වැනි ස්ථානවල ආසන ධාරිතාවෙන් 50%ක් සහභාගී කරවා ගත හැකි බවත් මේ සඳහා නිකුත් කළ තොරතුරුවල ඇතුළත් ය.
ඉන්දියාව මේ වනවිට Omicron ඔමික්‍රෝන් ආසාදිතයින් 422 ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.