by Staff writer 26-12-2021 | 3:20 PM
COLOMBO (News 1st) – “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් විමසීම ආරම්භ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ(25) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි පළාතේ ආගමික නායකයෝ, ස්වෙච්ඡා සංවිධාන, වෘත්තීයවේදීන් හා සාමාන්‍ය ජනතාව කමිටුව හමුවේ අදහස් පළ කළ බව ය.
ජනතාව මෙම කාර්යය පිළිබඳ ජනාධිපතිවරයාගේ ඇති උනන්දුව තේරුම් ගෙන ඇති බැවින් නියමිත කාලසීමාවට පෙර කමිටු වාර්තාව භාරදීමට අපේක්ෂා කරන බව පැමිණි පිරිස හමුවේ කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ ය.
උන්වහන්සේ අවධාරණය කර සිටියේ, යම් කාලයක් ගත වුවද සියලු ජන කොටස්වලට සාධාරණය ඉටු වන සහ සියලු දෙනාට එකඟ විය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට කැප වන බව ය.
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ සභාපතීත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරි තිබේ.